හමුදාපතිගෙන් විශේෂ ඉල්ලීමක්

Share

කොරෝනා වෙෙරසය ආසාදිත පුද්ගලයින් ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධානය මාධ්‍යස්ථාන වෙත ගමන් කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පොලිස් බල ප්‍රදේශ කිහිපයකට ඇඳිරිනීතිය පැනවීමට කටයුතු කළ බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.

 

වැඩ්දුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වම්න් යුදහමුදාපතිවරයා පැවසුවේ,

“මේ තත්ත්වය ඇතිවෙලා තියෙන්නේ මේ ප්‍රදේශවල සිටින මේ ආයතනයේ ඇතැම් සේවක මහත්ම, මහත්මීන් මේ වන තෙක් ඉදිරිපත් වෙලා නැහැ රෝහල් ගතවීමට හෝ හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථානයකට යන්න මෙය ඉතාමත් භයානක හා අවසනාවන්ත තත්ත්වයක්,“ යනුවෙන් යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

“විශේෂයෙන්ම ආසාදනය වුණු අය නොඑනවා කියන්නේ බරපතළ තත්ත්වක්, අපි හැකිතාක් දුරට උත්සහ කළේ සේවකයන් බහුතරයක් ඉන්න ප්‍රදේශවලට පමණක් ඇඳිරිනීතිය යොදලා අනෙක් තත්ත්වයන් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන්න, නමුත් මේ අය විවිධ ස්ථානවල සිටින නිසා රටේ ජනතාවගෙන්, ඒ ප්‍රදේශවල ජනතාවගෙන්, ආරක්ෂාව වෙනුවෙන්, මේ අය සියලුදෙනාම, කොරෝනා ආසාදනය වුණු අය රෝහල්ගත කරනතෙක්, ආයතනයේ අනෙක් සියලුදෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යනතෙක් තමයි මේ ක්‍රියාමාර්ගය ගත්තේ,“ යනුවෙන්  යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

“විශේෂයෙන්ම ඔබ බලයි ඇයි මේ පොලිස් බල ප්‍රදේශ දෙකක් ගත්තේ කියලා ඊට හේතුවෙලා තියෙන්නේ, සමහර අයවලුන්ගේ ස්වාමි පුරුෂයා නැතහොත් ඔහුගේ භාර්යාව මේ ප්‍රදේශයේ තියෙන අනෙකුත් ගම්මාන හා සම්බන්ධවෙලා තියෙනවා වගේම රැකියා කරනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් අනෙක් තැන්වලට දීමට හැකියාවක් නැහැ, ඉතින් ඒ හින්දා තමයි විශේෂයෙන්ම මෙවැනි තීරණයක් මේ අවස්ථාවේදී ගත්තේ“ යැයි යුද හමුදාපතිවරයා පැවසීය.

“අපි මේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා, ඔබ මේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ කිසියම් හෝ පුද්ගලයෙකු සමග සම්බන්ධ වුණා නම් පසුගිය දින 07 තුළ කරුණාකරලා මේ අවස්ථාව ඉතාමත් වැදගත් අවස්ථාවක් නිසා තමුන් නිවෙස්වලට වෙලා නිරෝධායනය වෙන්න පවුල්වල කවුරුත් යවන්න එපා. ඊයේ අපිට වාර්තා වුණා ආසාදිත වුණු කෙනෙකුගේ බිරිඳ රැකියාව සඳහා යවලා තිබුණා,“ යනුවෙන් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News