Tuesday, March 19, 2024.

නේපාලයේ සංචාරක අමාත්‍යවරයාට කොරෝනා වැළදෙයි

Share

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් නේපාලයේ සංචාරක අමාත්‍ය යෝගේෂ් භට්ටරායි  සදහන් කර ඇත්තේ කමා හට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවයි.

 

තවද තමන් සමීපව ඇසුරු කළ සියලුදෙනාට විමසිලිමත්ව කටයුතු කරන ලෙසත් එහි සදහන් කර තිබේ.

පසුගිය 5 වැනිදා යෝගේෂ් භට්ටරායි පී.සී.ආර් පරීක්ෂාවකට යොමු වී ඇති අතර එහිදී වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වීම හේතුවෙන් ඔහු කත්මණ්ඩු නුවර සංචාරයකට ද සහභාගී වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහිදී හටගත් උණ රෝග ලක්ෂණ මත නැවත සිදුකළ පරීක්ෂාවකදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

54 හැවිරිදි නේපාල සංචාරක අමාත්‍යවරයා සහ එරට ඉන්දීය තානාපතිවරයා අතර හමුවක් ද පසුගියදා පවත්වා ඇති බව වාර්තා වන අතර සංචාරකයින් පැමිණීම ඉහළ නංවා ගැනීමේ අරමුණින් නේපාලය කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් නිදහස් රටක් බවට ද ප්‍රකාශයට පත් කර තිබුණි.

Read more

Local News