අධිවේගී යතුරුපැදි 2ක් පානදුර උතුර පොලිස් ස්ථානාධිපතිගේ ජීප් රථයේ ගැටී අනතුරක්

Share

පානදුර උතුර, හේනමුල්ල මංසන්ධියේ දී අධිවේගී යතුරු පැදි දෙකක ගැටී පානදුර උතුර පොලිස් ස්ථානාධිපතිවරයා තුවාල ලබා ඇත.

 

නීති විරෝධී යතුරු පැදි ධාවන තරඟයක් පැවැත්වෙන බවට පානදුර උතුර පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ස්ථානාධිපතිවරයා එම ස්ථානයට ගොස් තිබුණි.

එහිදී පොලිස් ජීප් රථය මාර්ගයේ නතර කර ඉදිරියට යමින් සිටි ස්ථානාධිපතිවරයාගේ එක් යතුරුපැදියක් ගැටී ඇති අතර, අනෙක් යතුරුපැදිය ද වේගය පාලනය කර ගත නොහැකිව පොලිස් ජීප් රථයේ ගැටී අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ.

අනතුරින් බරපතළ තුවාල ලැබු ස්ථානාධිපතිවරයා හා යතුරු පැදිකරුවන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

Read more

Local News