නව නිරෝධායන නීති ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

Share

සමාජ දුරස්ථභාවය තබා ගැනීම, මුව ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය රෙගුලාසි ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

 

නව ගැසට් පත්‍රයේ ඇතුළත් නීති අතරට,

කොරෝනා සම්බන්ධයෙන් වන රෝගි ප්‍රදේශයක් තුළ, පොදු ස්ථානයක සිටින තැනැත්තෙකුම හෝ වෙනත් තැනැත්තෙකු සමග සමීපස්ථවීමට හැකියාව ඇති වෙනත් යම් ස්ථානයක සිටින සෑම තැනැත්තෙකුම,

සෑම අවස්ථාකදීම මුව වැස්මක් පැළඳ සිටිය යුතු ය.

තැනැත්තන් දෙදෙනෙකු අතර, මීටර එකකට නොඅඩු සමාජ දුරස්ථභාවයක් පවත්වාගෙන යා යුතු ය.

සේවා ස්ථානවලට සහ ව්‍යාපාරික ස්ථානවලට ඇතුළුවන සෑම තැනැත්තෙකුම සෑම අවස්ථාවකදීම මුව ආවරණයක් පැළඳ සිටීම.

දෙදෙනෙකු අතර මීටරයකට නොඅඩු සමාජ දුරස්ථභාවයක් පවත්වාගෙන යාම.

සේවා ස්ථානයට ඇතුළු වීමට පෙරාතුව සෑම තැනැත්තෙකුගේම ශරීර උෂ්ණත්වය මැන බැලීම.

*විෂබීජ නාශක දියර සමගින් ප්‍රමාණවත් පරිදි දෑත් සේදීමේ පහසුකම සැලසීම.

*ඇතුළුවන සෑම තැනැත්තෙකුගේම නම, හැඳුනුම්පත් අංකය සහ සම්බන්ධකර ගත හැකි තොරතුරු පිළිබඳ විස්තර ඇතුළත් ලේඛනයක් පවත්වාගෙන යාම.

සේවා ස්ථානවල උපරිම සේවා නියුක්තයන් සංඛ්‍යාව සහ වෙනත් තැනැත්තන් සංඛ්‍යාව ඉක්මවන සංඛ්‍යාවක් තබා නොගැනීම. ඇතුළත් වන අතර.රෝගී ප්‍රදේශයක අත්‍යවශ්‍ය සේවාවක් හෝ වෙනත් යම් සේවාවක් සපයනු ලබන යම් සුපිරි වෙළදසැලක , වෙළදසැලක , බිහි වෙළද පොලක හෝ වෙනත් යම් ව්‍යාපාරික ස්ථානයක අයිතිකරු හෝ එහි කාර්යභාර යම් තැනැත්තෙකු විසින් නිසි බලධරයා විසින් වරකට එකී පරිශ්‍රය තුළ සිටිය හැකි බවට අවසර දී ඇති උපරිම තැනැත්තන් සංඛ්‍යාව නොඉක්මවිය යුතු ය.

එවැනි පරිශ්‍රයක් වෙත ඇතුළුවන සෑම තැනැත්තෙකුම සෑම අවස්ථාවකම මුව වැස්මක් පැළඳ සිටින බවට සහතික විය යුතු බව,

තැනැත්තන් දෙදෙනෙකු අතර මීටර් එකකට නොඅඩු සමාජ දුරස්ථභාවයක් පවත්වාගෙන යාම

එවැනි ස්ථානයකට ඇතුළු වන තැනැත්තන් ඇතුළුවීමට පෙරාතුව සෑම තැනැත්තෙකුගේම ශරීර උෂ්ණත්වය මැන බැලීම.

විෂබීජ නාශක දියර සමගින් ප්‍රමාණවත් පරිදි දෑත් සේදීමේ පහසුකම සැලසීම.සහ නිසි බලධරයා විසින් රෝග වැළැක්වීමේ පියවර වලට අනුකූලව ක්‍රියාකරනු ලැබිය යුතු වීම යන නව නීතිවලින් සමන්විතයි.

Read more

Local News