ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් හා අගමැති අතර හමුවක්

Share

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබේ.

 

ඊයේ(15) පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ දී මෙම හමුව සිදුවු බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති කිහිපයක් සහ ඉදිරියේ දී සහයෝගීතාව ඇතිකර ගත හැකි කේෂ්ත්‍රයන් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබේ.

පසුගිය මාසයේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර අන්තර්ජාලය ඔස්සේ පැවති සමුළුව පිළිබඳව පසුවිපරමක නිරත විම මෙම හමුවේ මුලික අරමුණ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

සැමට සුරක්ෂිත පානීය ජලය සැපයීම මෙන්ම සනීපාරක්ෂාව පිළිබඳව අවධානය යොමුකළ යුතු ප්‍රමුඛ කේෂ්ත්‍රයක් බව මෙම හමුවේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දී තිබේ.

පාසල්වල ජල අවශ්‍යතා, සනීපාරක්ෂක අවශ්‍යතා, වැසි ජලය එක්රැස් කිරීම සහ අපද්‍රව්‍යය පොහොර බවට පරිවර්තනය කළ හැකි ව්‍යාපෘති ඇතුළු දෙරට අතර සහයෝගයෙන් ක්‍රියාත්මක කළ හැකි කේෂ්ත්‍ර කිහිපයක ව්‍යාපෘති පිළිබඳව ඉන්දීය මහා කොමසාරිස්වරයා මෙහිදී අවධානය යොමුකළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ පානීය ජලය නොමැතිකම බරපතළ ගැටලුවක් බව පෙන්වාදුන් අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා ඒ සඳහා ලබාදිය හැකි සහය පිළිබඳව සොයා බලන ලෙස ඉන්දීය මහා කොමසාරිස්වරයාට දැනුම් දී තිබේ.

Read more

Local News