විදේශයේ සිට පුද්ගලයින් 12ක් දිවයිනට

Share

අද උදෑසන පුද්ගලයින් 12ක් ඔස්ට්‍රේලිවේ සිඩ්නි නුවර සිට දිවයිනට පැමිණ තිබෙන බව වාර්තා වෙයි.

 

එම පුද්ගලයින් සියලු දෙනා ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇති බව කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.

අද දින ත්‍රිවිද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 397ක් තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතව තිබේ.

අද දිනය වන විට පුද්ගලයින් 53,011 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙන අතර ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 84ක් තුළ පුද්ගලයින් 9556 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ ය.

මෙරට ඊයේ දිනය වන විට PCR පරීක්ෂණ 365,859 ක් සිදුකර තිබේ.

Read more

Local News