මහජන ආධාර දෙපාර්තමේන්තුව තාවකාලිකව වසයි

Share

කොළඹ මහ නගර සභාවට අනුබද්ධ මරදාන මහජන ආධාර දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු ලිපිකාර නිලධාරිනියකට කොවිඩ් – 19 ආසාදිත වීමත් සමඟ එම කාර්යාල පරිශ්‍රය තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

 

පී.සී.ආර්. පරීක්ෂණයකින් පසුව ඇයට වෙෙරසය ආසාදිත බවට ඊයේ (15) හඳුනාගෙන ඇති බවත් ඇය කඩුවෙල පදිංචිකාරියක් බවත් වාර්තා වේ.

කළුතර මහ රෝහලේ සේවය කළ හෙද නිලධාරිනියකට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

මෙම හෙද නිලධාරිනිය පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කර ඇතැයි ද වාර්තා වේ.

වෛරසය ආසාදිතයන් වාර්තා වීමෙන් පසුව ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කරන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

Read more

Local News