ආමර්වීදිය පොලිසියේ ස්ථානාධිපති ඇතුළු 16ක් නිරෝධායනයට

Share

නව කොරෝනා වෙෙරසය ආමර්වීදිය පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකුගේ පවුලේ සාමාජිකයින් දෙදෙනෙකුට වැළදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

 

එම හේතුවෙන් ආමර්වීදිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරින් 16ක් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ නිරෝධායන නීති අනුගමනය කරම්න් සියලු දෙනා මෙම අවස්ථාවේ සහාය විම තුලින් වෙෙරස තත්ත්වය පාලනය කිරිමට උත්සාහ කළ යුතු බවයි.

“එසේ යොමුකරනු ලැබුවේ අදාළ සැරයන්වරයා, පසුගිය දින කිහිපය තුළ පොලිස් මුරපොළේ රාජකාරී කර ඇති බැවින් පැය කිහිපයක් පොලිස් මුරපොළ රාජකාරි කටයුතු අත්හිටුවනු ලැබුවා. එය සම්පූර්ණයෙන්ම විෂබීජහරණයකට ලක්කිරීමෙන් අනතුරුව වෙනත් පොලිස් ස්ථානවලින් නිලධාරීන් ගෙන්වා එම පොලිස් මුරපොළේ රාජකාරී කටයුතු නැවත වරක් සවස 6ට පමණ ආරම්භ කළා. විශේෂයෙන් අපි සඳහන් කරන්නේ, කුමන තරාතිරමක කෙනෙක් වුවත්, පොලිස් සේවයේ වුවත්, සෞඛ්‍ය සේවයේ වුවත් සෞඛ්‍ය නීතිවලට අනුගතව කටයුතු කරන්න ඕනේ. ඒ අනුව පොලිස් මුරපොළේ සියලු දෙනාම අදාළ නිරෝධායන ක්‍රියාවලියට යොමු කරනු ලැබුවා. ඔවුන්ගේ පීසීආර් පරීක්ෂණ සඳහා සාම්පල ලබා ගැනීමටත් නියමිතයි. එම පොලිස් මුරපොළේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරනු ලබනවා.“ යැයි අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Read more

Local News