සමාජයට තර්ජනයක් වන රැඳවියන් යොමු කරන විශේෂ බන්ධනාගාරය

Share

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය වෙත සමාජයට තර්ජනයක් වන රැඳවියන් වර්ගීකරණය කර යොමු කිරීමට කටයුතු කරන බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.

 

බූස්ස බන්ධනාගාරය අධි ආරක්ෂිත බන්ධනාගාරයක් බවට නිල වශයෙන් ප්‍රකාශ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.“ඉදිරියේ දී අපි බලාපොරොත්තු වෙනවා දෙපාර්තමේන්තුවක් විදියට බන්ධනාගාර තුළින් කිසිම ආකාරයක සමාජයට තර්ජනයක් වන කටයුත්තක් සිදුනොවන ආකාරයට වගබලා ගන්න. විශේෂයෙන්ම යම් ආකාරයක තර්ජනයක් රැදවියන් ඉදිරියටත් වර්ගීකරණය කරලා මේ විශේෂිත අධි ආරක්ෂිත බන්ධනාගාරයට යොමු කරනවා.“යනුවෙන් පැවසීය.

Read more

Local News