20 වැනි සංශෝධනය පිළිබඳ විවාදය අද ආරම්භ වෙයි

Share

අද දිනයේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ආරම්භ වන අතර එය හෙට දිනයේත් පැවැත්වීමට නියමිතයි.

 

ඊයේ දිනයේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබූ අතර සංශෝධනයේ වගන්ති 4 ක් සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියට අමතරව ජනමත විචාරණයක් ද අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

ඉන් වගන්ති දෙකක් කාරක සභා අවස්ථාවේ යෝජනා කර ඇති සංශෝධන අනුව අනුමත කරන්නේ නම් තුනෙන් දෙකක අනුමැතිය ප්‍රමාණවත් බව අධිකරණ තීරණයේ සඳහන් ය.

තවත් වගන්තියකට ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කර ඇති සංශෝධන සිදු කරන්නේ නම් තුනෙන් දෙක පමණක් ප්‍රමාණවත් බව ද පාර්ලිමේන්තුවට දන්වා තිබේ.

Read more

Local News