ගූගල් සමාගමට එරෙහිව අමෙරිකාව නඩු පවරයි

Share

ගූගල් සමාගමට එරෙහිව අමෙරිකාව නඩු පවරා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

අන්තර්ජාල සෙවුම්වලට අදාළ නීති ගූගල් සමාගම විසින් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මෙලෙස නඩු පවරා ඇත.

වසර ගණනාවකින් පසුව ප්‍රධාන තාක්ෂණික සමාගමකට අමෙරිකාව විසින් ගෙන ආ විශාලතම අභියෝගය මෙය වන අතර මේ සම්බන්ධයෙන් වසරකට වැඩි කාලයක් අමෙරිකාව විමර්ශනය කර ඇතැයි විදෙස් වාර්තාවන්හි සඳහන් වේ.

ගූගල් සමාගම මෙම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කර ඇත.

ගූගල් සමාගම වැඩිදුරටත් පවසන්නේ, තම සමාගම පාරිභෝගිකයින් වෙනුවෙන් සෑමවිටම මූලිකත්වය ලබා දෙන බවයි.

බහුතරයක් පාරිභෝගිකයින් ගූගල් සෙවුම් භාවිත කරන්නේ ඔවුන්ගේ කිසිදු බලකිරීමක් මත නොව භාවිතයේ පහසුව නිසාවෙන් බව ගූගල් සමාගම වැඩිදුරටත් පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read more

Local News