ශ්‍රී ලංකා පළමු ඉනිම 222කට සීමා වෙයි

Share

බංග්ලාදේශය සහ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුදෙනා දැවී පළමු ඉනිමට රැස් කර ගැනීමට හැකිවුයේ ලකුණු 222ක් පමණි.

සිය දෙවන ටෙස්ට් අර්ධ ශතකය රැස් කළ රොශේන් සිල්වා අවසන් කඩුල්ල ලෙසට දැවී ගියේ ලකුණු 56 ක් ලබා සිටියදී යි. නායක දිනේෂ් චන්දිමාල් කිසිදු ලකුණක් නොලබා දැවී ගිය අතර කුසල් මෙන්ඩිස් 68 යි.

අකිල ධනංජය ලකුණු 20කට හා දිල්රුවන් පෙරේරා ලකුණු 31කට දැවී ගියේය. ධනංජය ද සිල්වාට රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 19ක් පමණි.

පන්දු යැවීමේදී අබ්දුල් රසාක් සහ ටයිජුල් ඉස්ලාම් කඩුලු 04 බැගින් සහ මුශ්ෆිකර් රහීම් කඩුලු 02 ක් බිඳ හෙලීය.

223ක ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණ අැති බංග්ලාදේශ කණ්ඩායම මේ වන විට කඩුලු තුනක් දැවී ලකුණු 19ක් ලබාගන අැත.

Read more

Local News