ඉදිරි මාස කිහිපයේදී අවදානම් තත්ත්වයක් මතුවීමට හැකියි : WHO

Share

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් නිෂ්පාදනය කෙරෙන එන්නත් තවමත් පවතින්නේ සායනික පරික්ෂණ මට්ටමේ බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි.

 

එහි ප්‍රධාන විද්‍යාඥ වෛද්‍ය සෞම්‍යා ස්වාමිනාදන් මහත්මිය මේ බව අනාවරණය කළේ පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහි දී අදහස් දැක්වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ වෛද්‍ය සෞම්‍යා ස්වාමිනාදන් මහත්මිය “දැනට ආරම්භ වී ඇති සායනික පරීක්ෂණවල ප්‍රගතිය අපි සමීපව නිරික්ෂණය කරමින් සිටිනවා. මේ වෙනකොට අපට අදියර තුනේ පවතින පරික්ෂණ 10 ක් පමණ තිබෙනවා. ඉදිරි මාසයක් දෙකක් ඇතුළත බොහෝ දුරට තරගකරුවන් දෙදෙනෙක් අදියර දෙකේ සිට තුන දක්වා පැමිණිමේ ප්‍රවණතාවයකුත් පවතිනවා. මේ අවුරුද්ද අග වෙද්දි අපට බොහෝ විට පරීක්ෂණ එකකින් හෝ දෙකකින් අවසන් ප්‍රතිඵල ලබාගන්න පුළුවන් වෙයි. බොහෝ දුරට නොවැම්බර් අග වෙද්දි. මේ පරීක්ෂණල ප්‍රතිඵල සාර්ථක වුණෙත් නියාමකයි එය සලකන්නේ හදිසි අවස්ථාවකදී හෝ එම ඖෂධ භාවිතා කල හැකිද යන්න පිළිබදවයි. අපි බලාපොරොත්තු වෙනවා 2021 වෙද්දි මේ පිළිබද යම් තීරණ ගන්න. නමුත් කිසි දෙයක් අපට වේලාසනින් කියන්න බැහැ. 2021 මුල් කාර්තුවේදී ප්‍රතිඵල නිකුත් වීම ආරම්භ වුණාම මුළු ලෝකයෙන්ම සමහර එන්නත් බිහිවෙයි වඩාත් අවදානම් කලාපයේ සිටින රෝගීන් වෙනුවෙන්. අපි බොහෝ දුරට බලන්නේ ඉතාමත් සාධාරණ ලෙස මෙම එන්නත් මුළු ලෝකය අතරම බෙදා හරින්න. යථාර්ථය වන්නේ මුලදි ඉතාමත් සිමිත ප්‍රමාණයක් තමයි නිෂ්පාදනය වෙන්නේ. ඉතිං අපි බලාපොරොත්තු වෙනවා එය සාර්ථකව බෙදාහරින්න අවදානම් කලාපයේ සිටින පුද්ගලයින්ට. විශේෂයෙන්ම ඕනෑම රටක සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඇතුළු ඉදිරි පෙළ නිලධාරීන් වෙනුවෙන්”

කෙසේවෙතත් කොරෝනා වැළැක්වීමේ එන්නතක් පාවිච්චි කිරීමට සුදානමින් සිටින්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය තමන්ට දැනුම් දී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ(24) රත්නපුරේදී සඳහන් කළාය.

මේ අතර ඉදිරි මාස කිහිපයේදී අසීරු තත්ත්වයත් මතුවීමට යන බව මෙන්ම හා ඇතැම් රටවල් අනතුරුදායක මාර්ගයක ගමන් කරමින් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එම සංවිධානය පෙන්වා දෙන්නේ දැනටමත් බෝහෝ රටවල අසීමිත ලෙස රෝගීන් ප්‍රමාණය ඉහළ යමින් පවතින බවත් ප්‍රධාන රෝහල්වල සහ දැඩි සත්කාර එකකවල ධාරිතාව අවසන් වෙමින් පවතින බවටයි.

එබැවින් එම රටවල නායකයින් විසින් අනවශ්‍ය මරණ වළක්වා ගැනීමට අවශ්‍ය ක්ෂණික ක්‍රියාමාර්ග ගනු ලැබිය යුතු බවත් එම සංවිධානය පෙන්වා දෙන්නේය.

Read more

Local News