මෙරට කොරෝනා රෝගීන් ගණන 9205ක් දක්වා ඉහළට

Share

මෙරටින් තවත් කෙරෝනා ආසාදිතයින් 335ක් ඊයේ(28) දිනයේ හඳුනා ගෙන තිබේ.

 

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 9205 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේය.

කොරෝනා ආසාදිත පුද්ගලයින් 5111 දෙනෙකු තවමත් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ, අසාදිතයින් 4075 දෙනෙකු මේ වන විට පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි.

මේ වන විට කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 19ක් මියගොස් තිබේ.

Read more

Local News