බස්නාහිර පළාතේ අධිවේගි මාර්ගවල පිවිසුම් හා පිටවුම් සියල්ල පොලිස් මාර්ග බාධක මගින් පරීක්ෂාවට ලක් කර තිබෙන බවත් විශේෂ හේතුවක් නොමැතිව කිසිවෙකුට අධිවේගි මාර්ගවලට පිවිසිය නොහැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ අධිවේගි මාර්ගයට දකුණු ප්‍රදේශයේ සිට පැමිණෙන්නේ නම් පිවිසිය හැක්කේ කුරුඳුගහ හැතැප්ම දක්වා පමණක් බවයි.




                                    