මේ වන විට මෙරට දිස්ත්‍රික්ක 25න් විසිහතරකම කොවිඩ් ආසාදිතයින් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.
ඒ අනුව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර ගම්පහින් වාර්තා වන ආසාදිතයින් ගණන 2960ක් වෙයි.
දෙවෙනියට ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වනුයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර කොළඹින් වාර්තා වන ආසාදිතයින් ගණන 1760ක්.
ඊයේ(29) දිනය වනවිට ආසාදිතයින් වාර්තා නොවුයේ කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්ක දෙකෙන් පමණක් වුවද අද වනවිට මුලිතිව් දිස්ත්‍රික්කයෙන් ද නව ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන තිබේ.