අද උදෑසන වන විට කොරෝනා රෝගීන් ගැන සවිස්තරාත්මක නිවේදනය

Share

මෙරටින් ඊයේ(30) දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා රෝගීන් ගණන 633ක් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේය.

 

ඒ අනුව මෙරට කොරෝනා දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 6,946ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වනවිට රෝහල් ආශ්‍රිතව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 6,123 ක් බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ වාර්තා පෙන්වා දෙන්නේ.

ඒ අනුව මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොවිඩ් පොකුර අද(31) උදෑසන වන විට 6,946 දෙනෙක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් පුද්ගලයින් 1,041 දෙනෙක් එම ඇඟලුම් කම්හලේ සේවකයින් වන අතර ඉතිරි පුද්ගලයින් 5,905 එම කම්හලේ කොවිඩ් පොකුරට සම්බන්ධ පුද්ගලයින් වන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේය.

අද උදෑසන අබුඩාබි සිට පුද්ගලයින් 6ක්, දෝහා කටාර් සිට පුද්ගලයින් 12ක් මෙරටට පැමිණ ඇති අතර අද දිනය තුළ දී ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 508 දෙනෙක් නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතව තිබේ.

ඒ අනුව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් බලා පිටත්ව ගිය සමස්ථ පිරිස 60,079කි.

අද දිනය වන විටත් ත්‍රිවිධ හමුදාව පිසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 60ක් තුළ පුද්ගලයින් 5,760 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටී.

ඊයේ දිනය තුළ දී මෙරට පීසීආර් පරීක්ෂණ 12,106ක් සිදුකර ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව මෙරට සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය 502,669ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනයේ මෙරට කොරෝනා රෝගීන් ගේ සමස්ථ වාර්තාව 10000 සීමාව ඉක්මවනු ලැබිය.

මේ අතර අද(31) උදෑසන වන විට පොලිස් නිලධාරීන් 60ක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සදහන් කළේය.

Read more

Local News