සෞඛ්‍ය උපදෙස් මත මංගල උත්සව සංවිධානය කළ යුතුයි

Share

මංගල උත්සව සංවිධානය කිරිමේදි දැඩ්ව සැලකිලිමත් විය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

 

බස්නාහිර පළාතෙන් පිට ප්‍රදේශවල මංගල උත්සව සංවිධානය සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව කළ හැකි බව පොලීසිය පැවසීය.

ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ ඒ ඒ ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් විසින් උත්සවයට සහභාගී වන සංඛ්‍යාව තීරණය කරනු ඇති බවයි.

මේ අතර කොළඹ, කොල්ලුපිටිය ප්‍රදේශයේ නිරෝධායන නීති නොතකා පැවැත්වූ බව කියන විවාහ මංගල උත්සවයක් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලීසිය පියවර ගෙන තිබේ.

එම හෝටලයේ පුද්ගලයින් 35 දෙනෙකු සහභාගී කරවාගෙන විවාහ මංගල උත්සවයක් පැවැත්වීම සම්බන්ධයෙන් හෝටලයේ කළමනාකාරිත්වයට හා සංවිධායකයින්ට එරෙහිව නිරෝධායන පනත අනුව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Read more

Local News