කතෝලික ජනතාවට විශේෂ නිවේදනයක්

Share

රටපුරා පවත්නා කොරෝනා වෙෙරස තත්ත්වය හේතුවෙන් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයෙන් කතෝලික ජනතාව වෙත විශේෂ නිවේදනයක් සිදු කර තිබේ.

 

ඒ හෙට දිනයේ පැවැත්වීමට නියමිත මළවුන් සිහිකිරීමෙම් දිනය හේතුකොට ගනිම්න් වන අතර හෙට දිනට නියමිත ආගමික චාරිත්‍ර තම නිවසේ සිට සිදු කරන ලෙස කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටි.

විශේෂයෙන් නිරෝධායන ඇඳිරි නීතිය පවතින මොරටුව,ජා – ඇළ ,කටුනායක, වත්තල, කඳාන, සීදුව හා මීගමුව යන ප්‍රදේශවල ජනතාවට මෙලෙස අනිවාර්යෙන් නිවසට වී තම ආගමික චාරිත්‍ර සිදු කරන ලෙස කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරම්න් සදහන් කරයි.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වල සිටින කතෝලික ජනතාවද ඒකරාශීවීම් අවම කර මෙම උපදෙස් පිළිපදිනු ඇති බවට මධ්‍යස්ථානය අපේක්ෂා කරයි.

Read more

Local News