දෙවැනි ටෙස්ට් තරඟයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට

Share

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 215ක ජයක්.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරඟයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 222ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ බංග්ලාදේශය ලකුණු 110ක් පමණක් රැස් කළේය.

අනතුරුව දෙවෙනි ඉනිම ක්‍රීඩාකළ ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 226 කට සීමා විය. ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 339 ඉලක්කයක් හිමිව තිබිණි.

පන්දු යැවීමෙදී කැපී පෙනෙන දස්කම් දැක්වීමට අකිල ධනංජය සමත් වූයේ දෙවැනි ඉනිමේ ලකුණු 24 කට කඩුලූ 5 ක් දවා ගනිමිනි.

තරඟයේ හා තරගාවලියේ වීරයා ලෙස රොෂේන් සිල්වා සම්මාන හිමි කර ගත්තේ ය.

ඒ අනුව ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 338ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශය ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 123ක් පමණක් රැස් කර ගැනීමට හැකි විය.

Read more

Local News