ඔස්ට්‍රියාවේ, වියානා අගනුවරට ත්‍රස්ත ප්‍රහාරයක්

Share

ඔස්ට්‍රියාවේ, වියානා අගනුවර ස්ථාන 06 කට නාඳුනන තුවක්කරුවන් විසින් වෙඩි ප්‍රහාර එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

වෙඩි ප්‍රහාර හමුවේ සිවිල් වැසියෙකු සහ තුවක්කරුවකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් 15 කට වැඩි පිරිසක් වෙඩි ප්‍රහාර හමුවේ තුවාල ලබා තිබෙන බව වාර්තා වෙයි.

ඒ අතරින් 7 දෙනෙකුගේ තතත්වය බරපතල බව වියානා නගරාධිපතිවරයා තහවුරු කළේය.

ඔස්ට්‍රියාවේ කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට පැය කිහිපයක් තිබියදී මෙම ප්‍රහාරය එල්ල විය.

මෙය ත්‍රස්ත ක්‍රියාවක් බව ඔස්ට්‍රියා චාන්සලර් සෙබස්තියන් කර්ස් ප්‍රකාශ කළේය.

සීමා පැනවීමට පෙර සිය අවශ්‍යතා ඉටුකර ගැනීමේ අරමුණින් ජනතාව විශාල වශයෙන් වියානා අගනුවර වීථීවලට පැමිණ සිටි මොහොතක මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී ඇත.

යුරෝපීය නායකයින් වෙඩි තැබීම තරයේ හෙළා දුටු අතර, ප්‍රහාරය පිළිබඳ ඇසීමෙන් තමා දැඩි කම්පනයට පත්වූ බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැවසු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Read more

Local News