කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

Share

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට වඩා සුදුසු වායුගෝලීය තත්ත්වයක් මේ වනවිට පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.

 

මේ අතර දිවයිනේ සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකිය.

නැගෙනහිර පළාතේ සහ මුලතිව් දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර මධ්‍යම, උතුරු-මැද, ඌව, වයඹසහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි.100 ට වැඩි තද වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

මධ්‍යමසබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තුවිය හැක බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read more

Local News