අද උදෑසන වන විට කොවිඩ් දෙවන රැල්ලේ රෝගීන් 443ක්

Share

අද(05) දින උදෑසන වන විට මෙරට්න් කොරෝනා රෝගීන් 443 ක් හදුනාගෙන තිබේ.

 

ම්නුවන්ගොඩ ඇගළුම් කම්හලේ කොවිඩ් පොකුරේ අද උදැසන වන විට සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 8713 ක් වෙයි. ඉන් පුද්ගලයින් 1041ක් අදාල ඇගළුම් කම්හලේ සේවකයන් වන අතර ඉතිරි පුද්ගලයින් 1007 ක් පෑලියගොඩ මාළු වෙළදපොල සහ පුද්ගලයින් 6665 ක් පොකුරට සම්බන්ධ සම්පතමයින් වෙයි.

ඉන් ම්නුවන්ගොඩ ඇගළුම් කම්හලේසේවකයින් 412 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙන අතර ලගම සමීපතමයින් 2024ක් මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගොස් ඇත.

අද උදෑසන QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර්සිට පුද්ගලයින් 22ක් මෙරටට පැම්ණ තිබේ. ඒසේ පැම්ණි පුද්ගලයින් සියළු දෙනා ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලි නිරෝධායන කටයුතු සදහා යොමු කිරිමට කටයුතු සූදානම් කර තිබේ.

අද දිනය තුළ ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් 156 ක් නිරෝධයන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටව යාමට නියම්තයි.

ඒ අනුව කොග්ගල රිසෝට් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 92 ක් ද

රන්වැලි හොටෙල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 27 ක් ද

ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 37 ක් වශයෙනි.

මේ අතර ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් අද දිනය වන විට පුද්ගලයින් 63439 ක් නිරෝධාන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් තිබේ.

තවද අද වන විට ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 33ක් තුළ පුද්ගලයින් 2601 ක් නිරෝධායනය වෙම්න් සිටියි.

ඊයේ(03) දිනයේ PCR පරීක්ෂණ 10655 ක් සිදු කර ඇති අතර මේ වන විට මෙරට තුල PCR පරීක්ෂණ 546803ක ප්‍රමාණයක් සිදු කර තිබේ.

අද දිනයේ උදෑසන 6.00 වන විට පුද්ගලයින් 277ක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙන අතර අදාල පුද්ගලයින් 277 දෙනා අතරින් ඒක් (01) අයෙක් විදේශයන් හි සිට පැම්ණි පුද්ගලයෙක් වන අතර ඉතිරි පුද්ගලයින් 276 ම්නුවන්ගොඩ කොවිඩ් පොකුරට අයත් පුද්ගලයින් බව වාර්තා වෙයි.

Read more

Local News