ඊයේ වාර්තා වූ කොරෝනා රෝගීන් ගණන 400ක්

Share

අද(07) දින උදෑසන වන විට මෙරට්න් කොරෝනා රෝගීන් 400ක් හදුනාගෙන තිබේ.

 

මේ අතර ඊයේ රාත්‍රියේ 30 වන කොරෝනා මරණය වාර්තා වූ බව සෞඛ්‍ය අංශ විසින් තහවුරු කරනු ලැබිය.

ම්නුවන්ගොඩ ඇගළුම් කම්හලේ කොවිඩ් පොකුරේ අද උදැසන වන විට සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 9496ක් වෙයි. ඉන් පුද්ගලයින් 1041ක් අදාල ඇගළුම් කම්හලේ සේවකයන් වන අතර පැලියගොඩ මාළු වෙළදපොලෙන් පුද්ගලයින් 1007ක් සහ ඉතිරි පුද්ගලයින් 7448ක් දෙනා ම්නුවන්ගොඩ කම්හලේ ආසාදිතයින්ගේ සහ පැලියගොඩ මාළු වෙළදපොලේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයින්වේ. ම්නුවන්ගොඩ කම්හලේ සේවකයින් 412ක් සහ ඒම කම්හලේ සේවකයින්ගේ ආශ්‍රිතයින් 3350ක් සම්පුර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබේ.

අද උදෑසන EY 664 දරණ මගී ගුවන් යානය මගින් අබුඩාබි සිට පුද්ගලයින් 01ක් සහ QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් 18ක් සහ UL 1026 දරණ මගී ගුවන් යානය මගින් ඉන්දියාවේ චෙන්නායි සිට පුද්ගලයින් 11 මෙරටට පැම්ණ තිබේ. ඒසේ පැම්ණි පුද්ගලයින් සියළු දෙනා ත්‍රිවිධ හමුදාව මගින්  පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථානය තුළ නිරෝධායන කටයුතු සදහා සූදානම් කර තිබේ.

අද දිනය තුළ ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ගල්කිස්ස නිරෝධායන මධ්‍යස්ථාන තුලින් ඒක් පුද්ගලයකු තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියම්තව ඇත.

මේ අතර ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් අද දිනය වන විට පුද්ගලයින් 63730 ක් නිරෝධාන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් තිබේ.

තවද අද වන විට ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 30ක් තුළ පුද්ගලයින් 2400ක් නිරෝධායනය වෙම්න් සිටියි.

ඊයේ(06) දිනයේ PCR පරීක්ෂණ 11824 ක් සිදු කර ඇති අතර මේ වන විට මෙරට තුල PCR පරීක්ෂණ 580598ක ප්‍රමාණයක් සිදු කර තිබේ.

අද දිනයේ උදෑසන 6.00 වන විට පුද්ගලයින් 563ක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙන අතර අදාල පුද්ගලයින් 563 දෙනා අතරින් පුද්ගලයින් 01 විදේශයන් හී සිට පැමිණි අය වන අතර ඉතිරි පුද්ගලයින් 562 ම්නුවන්ගොඩ කොවිඩ් පොකුරට අයත් පුද්ගලයින් බව වාර්තා වෙයි.

Read more

Local News