මධ්‍යම තැපැල් හුවමාරුවේ කටයුතු අද සිට යළි ආරම්භ කෙරේ

Share

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ රාජකාරි කටයුතු අදියර කිහිපයක් යටතේ අද (09) දින සිට ආරම්භ කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසීය.

 

ඒ අනුව අද සිට එහි ජාත්‍යන්තර අධිවේගී තැපෑල, ව්‍යාපාරික තැපෑල සහ දේශීය අධිවේගී කුරියර් සේවා ආරම්භ කරන බව ඒ මහතා සඳහන් කරයි.

පසුගිය 05 වනදා සිට එහි රාජකාරි කටයුතු සම්පූර්ණයෙන් අත්හිටුවනු ලැබුවේ, කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගැනිම හේතුවෙනුයි.

Read more

Local News