වාස් ගුණවර්ධනට වසර 05ක බරපතල වැඩ සහිත සිරදඩුවමක්

Share

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට වසර 05ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කර තිබේ. කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (12) එම නියෝගය නිකුත් කර තිබේ.
කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනිමට යාමේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමාන අධ්‍යක්ෂ ශානී අබේසේකර මහතාට මරණිය තර්ජන එල්ල කිරිම පිළිබඳ චෝදනාවට වරදකරුවිම හේතුවෙන් මෙම දඩුවම නියම කර තිබේ.
ශානී අබේසේකර මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව නීතිපති දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා 06ක් යටතේ වාස් ගුණවර්ධන මහතාට එරෙහිව නඩු පවරා තිබිණි.

Read more

Local News