මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Share

මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාල සීමිත කාර්ය මණ්ඩලයක් යොදවමින් හෙට(11) සිට නැවත විවෘත කිරීමට තිරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

ඒ අනුව ප්‍රධාන කාර්යාලය මඟින් සැපයෙන සේවාවන් හම්බන්තොට, අනුරාධපුරය, යාපනය, කුරුණෑගල සහ ගම්පහ යන දිස්ත්‍රික් කාර්යාල සහ වේරහැර කාර්යාලය හරහා ලබා ගැනීමට පහසුකම් සලසා තිබේ.

එම සේවාවන් ලබාගැනීම සඳහා සේවාලාභීන් විසින් කල්වේලා ඇතිව දිනයක් හා වේලාවක් වෙන්කර ගත යුතු බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

හෙට සිට මෙම සේවාවන් ලබා ගැනීමේ හැකියාව මහජනතාව ලැබෙන අතර ඒ සඳහා සතියේ දිනවල පෙ.ව 9.00 සිට ප.ව 4.00 දක්වා පහත සඳහන් දුරකථන අංක අමතා දිනයක් හා වේලාවක් වෙන්කර ගත යුතුය.

Read more

Local News