කොරෝනා මරණ ගැන ව්‍යාජ තොරතුරු පතුරන්න එපා

Share

රට තුල පවත්නා කොරෝනා වෙෙරස තත්ත්වය හේතුවෙන් හදිසි මරණ සම්බන්ධයෙන් ව්‍යාජ ප්‍රවෘත්ති මැවීමෙන් වළකින ලෙස පොලීසිය සදහන් කර තිබේ.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ “එකම එක අවස්ථාවක පමණක් යාචකයෙක් මහ මාර්ගයේදී මිය ගියා. කොවිඩ් ආසාදිත තත්ත්වයෙන් මරණයක් හැටියට වාර්තා වුණා. නමුත් 40 ගණනකට ආසන්න මේ මරණවලින් එම මරණය පමණයි මහා මාර්ගයේදීත් එක්කෙනෙක් මිය ගියේ යාචකයෙක් නිසා කොවිඩ් ආසාදිත තත්ත්වයෙන් මිය ගියේ. නමුත් විවිධ මාධ්‍යජාලාවල වෙබ්අඩවිවල සඳහන් කර තිබෙනවා පින්තූරත් සමගින් රටේ විවිධ ස්ථානවල මහ මාර්ගයේ කොවිඩ් ආසාදිතයින් මියයන බවට. මේ ගැනත් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. අපි නිරන්තරයෙන් සඳහන් කරනවා මීට පෙර අවස්ථාවේදීත් පුද්ගලයින් 17 ක් පමණ අත්අඩංගුවට ගැනීමට සිදුවුණා. විවිධ ආකාරයේ අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කිරීමට අදාළව ඒ වගේම අසත්‍ය ප්‍රවෘත්ති බෙදාහැරීමට අදාළව. ඒ නිසා අපි විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා මෙවැනි ආකාරයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක්වන ඒ වගේම රටේ අපරාධ යුක්ති ක්‍රමයට අදාළවන ආයතනවලට යම් ආකාරයකින් දෝෂයක් ඇති කරවන ප්‍රවෘත්ති තියෙනවානම් එවැනි ප්‍රවෘත්ති ශෙයාර් කිරීමෙන්, බෙදාහැරීමෙන් එහෙමත් නැත්තම් ෆෝවර්ඩ් කිරීමේන් වළකින ලෙසයි”.

ඒ මහතා වැඩ්දුරටත් සදහන් කළේ සියලු ජනතාව උපරිම සෞඛ්‍ය නීතිරිති අනුගමනය කළ යුතු අතර හැකිතාක් සංචරණ යෙන් වැළකි සිටිය යුතු බවයි.

Read more

Local News