පේදුරුතුඩුව සාක්කොට්ටේ නැරඹුමේ මධ්‍යස්ථානය ජනතා අයිතියට

Share

උතුරේ සංචාරක ආකර්ෂණය දිනාගත් පේදුරුතුඩුව සාක්කොට්ටේ නැරඹුමේ මධ්‍යස්ථානය ප‍්‍රතිසංස්කරණය කිරීමෙන් පසු සංචාරකයින් සඳහා විවෘත කෙරිණ.

උතුරු පාළාතේ යාපනය දිස්ත‍්‍රීක්කයේ සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන අතුරෙන් ප‍්‍රසිද්ධියටපත් පේදුරුතුඩුව සාක්කොට්ටේ නැරඹුම් මධ්‍යස්ථානය සංචාරකයින් සඳහා වඩාත් උචිත අනන්දමින් ප්‍රතිසංස්කරණය කොට ජනතා අයිතියට පත්කිරීම යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරචිචිගේ අතින් සිදුකරන ලදි.

55 සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයන්ත ගුණරත්නගේ අධික්‍ෂණය යටතේ 551 බළසේනාධිපති කර්නල් මහේන්ද්‍ර ප‍්‍රනාන්දුගේ මෙහෙයවීමෙන් 18 වන ශ‍්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි මේජර් පාලිත හේරත් සහ එම ඒකකයේ සෙසු නිළයින්ගේ ශ‍්‍රම දායකත්වයෙන් ජනතා අයිතියට පත්කළ බව සඳහන් වෙයි.

Read more

Local News