බෝගම්බර බන්ධනාගාරයෙන් පැනගිය රැඳවියා අත්අඩංගුවට

Share

ඊයේ(17) රාත්‍රීයේ මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් පැනගිය රැඳවියා අත්අඩංගුවට ගෙන තිබේ.

 

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ, මහනුවර නගරයේ රැඳීසිටියදී එම රැඳවියා බන්ධනාගාර නිලධාරින් භාරයට ගත් බවයි.

සැකකරු දින 14ක අනිවාර්ය නිරෝධායන කාලසීමාවකට යටත්කිරීමට ද පියවර ගෙන තිබේ.

‍මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායනයට යොමුකර සිටි රැඳවියන් 05 දෙනෙකු ඊයේ රාත්‍රීයේ බන්ධනාගාරයෙන් පළායෑමට උත්සාහ දරා තිබු අතර එහිදී එක් රැඳවියෙකු මිය ගිය අතර තිදෙනෙකු එම අවස්ථාවේදීම බන්ධනාගාර නිලධාරින්ගේ භාරයට ගෙන තිබුණි.

Read more

Local News