නාපානේ පේමසිරි නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද – වාහන ධාවනය සීමා කෙරේ

Share

අපවත්වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව අද(22) පස්වරුවේ සිදුකිරීමට නියමිතව ඇත.

 

උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන අද පස්වරුවේ මහනුවර ප්‍රදේශයේ වාහන ධාවනය සීමා කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

ආදාහන පූජෝත්සවය පැවැත්වෙන ජාතික පාසල් ක්‍රීඩාංගණය මහනුවර – මහියංගනය ප්‍රධාන මාර්ගය අසල පිහිටා ඇති බැවින් අද දහවල් 12.00 සිට මෙම වාහන ධාවනය සීමා කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව ආදාහන පූජෝත්සවය අවසන් වන තෙක් මහියංගන කුණ්ඩසාලේ, නත්රම්පොත 621 හංදියෙන් සහ දිගන නගරයෙන් වාහන ධාවනය සීමා කර තිබේ.

මහියංගනය හසලක දෙස සිට මහනුවර දෙසට ධාවනය වන වාහන දිගන නගරයෙන් හරවා මැනික්හින්න, පොල්ගොල්ල මාර්ගයෙන් මහනුවර දෙසට ධාවනය කළ යුතු බවයි පොලීසිය සඳහන් කළේ.

ඊට අමතරව මහනුවර සිට හසලක මහියංගනය දෙසට ධාවනය වන වාහන කුණ්ඩසාලේ නත්තරම්පොත 621 හංදියෙන් හරවා යක්ගහපිටිය, කිරිමැටිය, මැණික්හින්න නගර හරහා දිගන නගරය වෙත ගොස් මහියංගනය ප්‍රධාන මාර්ගයට පිවිසිය හැකිය.

Read more

Local News