සනීපාරක්ෂක තුවා සඳහා බදු ඉහළ නංවා නෑ : අජිත් නිවාඩ් කබ්රාල්

Share

ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 52% ක් කාන්තාවන් වන බැවින් එයට අයිති පාසල් වයසේ දැරියන් පිළිබඳව අවධානය යොමු කරමින් ‘සනීපාරක්‍ෂක තුවා’ අත්‍යඅවශ්‍ය භාණ්ඩයක් බවට පත්කරන ලෙස සමඟි ජනබලවේගයේ පත්කළ මන්ත්‍රීනි ඩයනා ගමගේ ඉල්ලීමක් කර තිබේ.

 

ඊයේ(24) දිනයේ පාර්ලිමේන්තුවේදී ඇය මෙම ඉල්ලීම සිදු කළාය.

ඇය වැඩිදුරටත් සදහන් කළේ “සනීපාරක්‍ෂක තුවාවලට 15% ක වැට් බද්දක් ගහලා තියෙනවා. මම ඉල්ලා සිටිනවා ගරු අගමැතිතුමාගෙන් සහ ජනාධිපතිතුමාගෙන් මේක අත්‍යඅවශ්‍ය භාණ්ඩයක් කරන්න කියලා මෙය මානුෂීය සහ සෞඛ්‍ය දෙයක් හැටියට මම කථා කළ යුතුමයි. මේ රටේ ජනගහණයෙන් සියයට 52 ක් කාන්තාවන් ඉන්නවා. ඒ කාන්තාවන්ගේ සෞඛ්‍ය ප්‍රශ්නයක් සහ මානුෂීය ප්‍රශ්නයක් වෙලා තියෙනවා” යනුවෙනි.

මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සදහන් කළේ රජය විසින් සනීපාරක්ෂක තුවා සඳහා බදු ඉහළ නංවා නොමැති බවයි.

Read more

Local News