ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපති

Share

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව සභාපතිවරයා ලෙස නවසීලන්තයේ ග්‍රෙග් බාර්ක්ලේ මහතා තේරී පත්ව තිබේ.

 

ඕක්ලන්ඩ්හි වාණිජ නීතිඥයෙකු වන ග්‍රෙග් බාර්ක්ලේ මහතා 2012 වසරේ සිට නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ අතර ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද කටයුතු කරන්නෙකි.

එම තනතුරට පත්වීමත් සමග ඔහු නවසිලන්ත ක්‍රිකට් ආයතන අධක්ෂ ධුරයෙන් ඉවත් විය.

2015 වසරේ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අධ්‍යක්ෂවරයකු වූ ග්‍රෙග් බාර්ක්ලේ මහතා නවසීලන්ත උතුරු දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළ අතර නවසීලන්ත හා ඕස්ට්‍රේලියානු සමාගම් කිහිපයක අධ්‍යක්ෂ තනතුරු ද හොබවයි.

නව පත්වීම පිළිබඳව අදහස් දක්වමින් බාර්ක්ලේ මහතා සඳහන් කළේ එය තමන්ට ගෞරවයක් වන අතර සෙසු අධක්ෂෙවරුන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තුවන බවයි.

Read more

Local News