බත්තරමුල්ල ප්‍රදේශ කිහිපයකට අද ජල සැපයුම සීමා කෙරේ

Share

බත්තරමුල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක අද(28) රාත්‍රී 9.00 සිට පැය 12 ක කාලයක් ජල සැපයුම සීමා කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කර තිබේ.

 

ඒ අනුව, බත්තරමුල්ල, පැලවත්ත සහ අකුරේගොඩ ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

Read more

Local News