මැරඩෝනාගේ දේහයට අත තබා සෙල්ෆි ගත් අවමංගල්‍ය සේවකයාට සිදු වූ දේ

Share

ආර්ජන්ටිනාවේ පාපන්දු ශූර දියාගෝ මැරඩෝනාගේ දේහය විවෘත මිනීපෙට්ටියක තැන්පත් කර තිබෙන අවස්ථාවේ දී සෙල්ෆි ඡායාරූපයක් ගත් අවමංගල සේවකයා රැකියාවෙන් ඉවත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

එම අවමංගල සේවකයා සිය අතක් මැරඩෝනාගේ මුහුණ මත තබා සෙල්ෆි ජායාරූපයක් ගෙන තිබු අතර මෙම ඡායාරූපය සමාජ ජාලා ඔස්සේ ප්‍රචාරය වී ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

ඒ සමඟම ඔහුට මරණ තර්ජන පවා එල්ල වී තිබේ.

එම සෙල්පි ඡායාරූප මැරඩෝනාට සිදු කළ අවමානයක් බව ඔහුගේ අනුගාමිකයෝ පවසයි.

මෙම සිද්ධිය ගැන කණගාටුව පළ කළ අවමංගල්‍ය සමාගම ඔහුගේ අනුගාමිකයින්ගෙන් සමාව අයැද ඇත.

මෙම ඡායාරූප සඳහා වගකිව යුතු “නින්දාකරුවා” ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට මැරඩෝනාගේ නියෝජිත සහ නීතිඥ මාටියාස් මෝර්ලා සදහන් කර ඇතැයි වාර්තා වේ.

Read more

Local News