මහර බන්ධනාගාරයේ තුවාල ලැබූ එක් නිලධාරියෙකුට අසාධ්‍යයි

Share

මහර බන්ධනාගාරයේ රැඳවියන්ගේ භාරයට ගත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ තත්ත්වය අසාධ්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

 

ඊයේ[29] දිනයේ මහර බන්ධනාගරයේ ඇති වූ කලහකාරී තත්ත්වය හේතුවෙන් රැඳවියන් 43ක් රෝහල්ගත කර තිබේ.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සදහන් කළේ රැඳවියන් 6ක් මියගොස් ඇති බවයි.

මේ වන විට මහර බන්ධනාගාරය අවට ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් යොදා තිබේ.

Read more

Local News