Home දේශීය පුවත් බුරවි සුළි කුණාටුව නිසා ඇතිවන ආපදා තත්ත්වයට මුහුණ දෙන්නේ කෙසේ ද ?

බුරවි සුළි කුණාටුව නිසා ඇතිවන ආපදා තත්ත්වයට මුහුණ දෙන්නේ කෙසේ ද ?

0
බුරවි සුළි කුණාටුව නිසා ඇතිවන ආපදා තත්ත්වයට මුහුණ දෙන්නේ කෙසේ ද ?

බුරවි සුළි කුණාටු ශ්‍රී ලංකාවට අද රාත්‍රීයේ දී ඇතුළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

 

ඒ අනුව හදිසි සුළි කුණාටුක් නිසා ඇති වන ආපදා තත්ත්වයකදී මුහුණ දිය යුතු ආකාරය පිලිබදව යම් අවබෝධයක් තිබීම අප කාටත් වැදගත්.

අද රාත්‍රී කාලය වන විට මෙම සුළි කුණාටුව ශ්‍රී ලංකාවට ඇතුළු වීමට නියමිත බැවින් හැකිතාක් ගෘහස්ථව රැඳී සිටිමට වගබලා ගත යුතුයි.

තවද, නිවසට අනතුරුදායක ලෙස ඇති ගස්, අතු කපා දමන්න වගබලා ගන්න.

නිවසේ වහලයේ ආරක්ෂිත බව තහවුරු කරගන්න.

හදිසි අවස්ථාවකදී රැඳී සිටින්නට හැකි ආරක්ෂිතම ස්ථානයක් ගැන දැන්ම තීරණය කර තබා ගන්න.

හදිසි අවස්ථාවකදී නිවසින් පිටවන්නට සිදුවුවහොත් රැගෙන යන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලැයිස්තුව සූදානම් කර තබා ගන්න.

තවද නිවසේ රැදී සිටිමේ දී ආරක්ෂාව සඳහා ශක්තිමත් සපත්තු සහ ඇඳුම් පැළද සිටීම, නිවසේ හෝ ගොඩනැගිල්ලේ ශක්තිමත්ම කොටසෙහි රැඳී සිටිම කළ යුතුයි.

ඒවගේම සියලුම විදුලි උපකරණ විසන්ධි කරන්න.

අවශ්‍ය වුවහොත් පොලිස්/ හදිසි සේවා උපදෙස් අනුගමනය කරන්න.

ඔබ රිය පැදවීම සිදු කරන්නේනම්, ගස් වලින් හා විදුලි රැහැන් සහ කණු වලින් ඈත ඇති ස්ථානයක වහාම රථය නැවත්වීමට කටයුතු කරන්න.

තවද, අයහපත් කාලගුණ තත්ත්වයකදී සහය ලබා ගැනීමට 117 දුරකථන අංකය භාවිතා කරන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here