හෙට තැන් කිහිපයකට ජල කප්පාදුවක්

Share

කෑගල්ල පාර, කුරුණෑගල – කොළඹ පාර ඇතුළු සියලූම අතුරු මාර්ගවල හෙට (09) දිනයේ ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

 

හෙට පෙරවරු 9.00 සිට අනිද්දා (10) පෙරවරු 9.00 දක්වා පැය 24ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවයි.

කුරුණෑගල ප්‍රධාන ජලාශයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ.

Read more

Local News