Home දේශීය පුවත් බෙල්ලන්විල රජමහා විහාරාධිපතිට අධ්‍යාපන ඇමති ලබා දුන් පත්වීම

බෙල්ලන්විල රජමහා විහාරාධිපතිට අධ්‍යාපන ඇමති ලබා දුන් පත්වීම

0
බෙල්ලන්විල රජමහා විහාරාධිපතිට අධ්‍යාපන ඇමති ලබා දුන් පත්වීම
බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමියන්ගේ අසූ තුන් වැනි ජන්ම දිනය ඊයේ (13) දිනට යෙදී තිබු අතර, උන්වහන්සේගේ සුවදුක් විමසීමට සහ ජන්ම දිනයට සුභ පැතීමට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා එක්විය.
වත්මන් රජය, මෙරට බුදු දහම ආරක්ෂා කිරීම සහ, ශාසන අභිවෘද්ධිය වෙනුවෙන් විශේෂ අවධානය යොමු කර ඇති බවත්, එහිදී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ප්‍රමුඛ කාර්යභාරයක් පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයට ඉටුකළ හැකි බවත්, ඒ වෙනුවෙන් පරිණත අත්දැකීම් සමග දායකත්වය ලබා දෙන ලෙස බෙල්ලන්විල ධම්මරතන හිමියන්ට තමා ඇරයුම් කරන ලද බවත්, ඒ අනුව , උන්වහන්සේ ඊට එකඟ වූ අතර , පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ පාලක මණ්ඩලයට ධම්මරතන හිමියන් පත්කරන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

ඒ අනුව බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන ස්වාමීන්වහන්සේ ශ්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ පාලක සභා සාමාජිකයකු ලෙස පත් කර තිබේ.

එම පත් කිරීමට අදාළ ලියකියවිලි බෙල්ලන්විල ධම්මරතන ස්වාමීන්වහන්සේ වෙත පිලිගැන්වීම අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අතින් සිදු කෙරුණි.

උන්වහන්සේගේ 83 වන ජන්ම දිනයට සුබපැතූ අමාත්‍යවරයා  අදාළ ලියකියවිලි පිලිගැන්වීම සිදු කළේය.

රටේ පවතින ගැටලු රැසක් සම්බන්ධයෙන් ධම්මරතන ස්වාමීන්වහන්සේ සහ ජී.එල්.පීරිස් මහතා මෙහිදී සාකච්ඡාවක ද නිරත විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here