අවම මූලික ගෙවීමකින් නිවාස හිමිකම් ලබා දීමේ ක්‍රමවේදයක්

Share

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති සම්බන්ධයෙන් එම අධිකාරියේ නිලධාරින් සමඟ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවේදී අඩු පහසුකම් ජනාවාසවල ජීවත්වන ජනතාව සහ මධ්‍යම පාන්තිකයන් වෙනුවෙන් නිවාස 7500ක් ඉදිකිරීමේ කාර්යය වහාම ආරම්භ කරන්නැයි නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

 

මේ මස අවසන්වීමට පෙර අදාළ නිවාස ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නාගරික සංවර්ධන අධිකාරියේ එකඟතාව පළවූ අතර අලුතින් ඉදිවන නිවාස 7500න් 4000ක් අඩු පහසුකම් ජනාවාසවල ජීවත්වන්නන් නැවත පදිංචි කිරීම උදෙසා ඉදිකෙරෙන අතර ඉතිරි නිවාස 3000 මධ්‍යම පාන්තිකයින් සඳහා වෙන්වනු ඇත.

මධ්‍යම පාන්තිකයන් සඳහා නිවාස ලබා දීමේදී අවම මුලික ගෙවීමකින් නිවාස හිමිකම් ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන්නැයි අග්‍රාමාත්‍යතුමා මෙහිදී නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට දැනුම් දී ඇති අතර,ඒ අනුව මධ්‍යම ප්‍රාන්තික නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී නිවාසලාභීන්ට වසර 30ක් දක්වා සියයට 6.25% පොලී අනුපාත යටතේ නිවාස ලබා දීමට තීරණය කෙරුණි.

විවිධ ආධාර යටතේ ලැබෙන නිවාස ව්‍යාපෘති උතුරේ, දකුණේ හෝ වතුකරයේ ජනතාව සඳහා පමණක් නොව රට පුරා සියලු සාමාන්‍ය ජනතාව සඳහා බෙදී යා යුතු බව අග්‍රාමාත්‍යතුමා මෙහිදී අවධාරණය කර තිබේ.

Image may contain: text

Image may contain: text

Read more

Local News