මෙරටින් ඊයේ(05) දිනයේ මාරක රිය අනතුරු හතරක් පමණ වාර්තා වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිවේදනය කරයි
මෙම අනතුරු සිදුව ඇත්තේ බලංගොඩ, ඇල්පිටිය ,අගුරුවාතොට සහ පොළොන්නරුව යන ප්‍රදේශ වල වන අතර ඉන් බලංගොඩ සිදු වූ අනතුර ලොරි රථයක් හා යතුරු පැදියක් ගැටී සිදුව ඇති අතර 26 හැවිරිදි යතුරු පැදිකරු අනතුරින් මිය ගොස් තිබේ.
යතුරු පැදියක් හා ත්‍රී රෝද රථයක් ගැටීමෙන් ඇල්පිටිය අනතුර සිදු වී ඇති අතර මෙහිදී ද 20 හැවිරිදි යතුරු පැදිකරු මියගොස් ඇත
හොරණ අගුරුවාතොට සිදු වු අනතුරින් හා පොළොන්නරුව නවනගර අලුත් වැව මාර්ගයේ සිදු වු අනතුරින් ද යතුරුපැදිකරුවන් දෙදෙනෙකු මියගොස් ඇති අතර ඔවුන්ගේ වයස පිළිවෙලින් අවුරුදු 21 හා 56 වෙයි