මේ වන විට මෙරට කොවිඩ් 19 වෛරසය පැතිර ගොස් තිබෙන අතර ඒ සදහා එන්නතත් බලාපොරොත්තුවෙන් ජනතාව දෑස් දල්වා බලා සිට්.
මේ අතර කොරෝනා මර්දන එන්නත මුලින් ම ලබා දිය යුතු අවදානම් පිරිස මිලියන 4 කට අධික බවට හඳුනාගෙන ඇති බව, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙනකා සහ ෆයිසර් බයෝ එන්ටෙක් Covid-19 එන්නත්, ලබන මස සිට මෙරටදී එන්නත් කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කළාය.
ඒ අනුව, දැනටමත් හදුනාගෙන ඇති අවදානම් කණ්ඩායම් වෙත කොරෝනා මර්දන එන්නත්කරණය ආරම්භ කරන බව ඇය වැඩ්දුරටත් පැවසුවාය.
මේ අතර මෙරට කොවිඩ් වෛරසය වැළදීමෙන් මිය ගිය සංඛ්‍යාව 232ක් දක්වා ඉහළ ගොස් තිබේ.