Home දේශීය පුවත් අධිවේගයට බිලි වීමට ගිය කෲඩියා සිලනිකා ශාකය සඟසතු කෙරේ

අධිවේගයට බිලි වීමට ගිය කෲඩියා සිලනිකා ශාකය සඟසතු කෙරේ

0
අධිවේගයට බිලි වීමට ගිය කෲඩියා සිලනිකා ශාකය සඟසතු කෙරේ

අධිවේගයට බිලි වීමට ගිය දාරලුවේ කෲඩියා සිලනිකා හෙවත් පණු කරද දුර්ලභ ශාකය අද උදෑසන ජාතික භික්ෂු පෙරමුණේ මැදිහත්වීමෙන් සසුන්ගත කෙරිණ.

 

අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් හේතුවෙන් එය විනාශ නොවී ආරක්ෂා කිරීම සඳහා මෙම පියවර ගෙන තිබේ.

ගම්පහ කොට්ඨාසයේ වනජීවී නිලධාරීනි දේවානි ජයතිලක මහත්මියගේ කඩිනම් මැදිහත්වීම මත මෙම ගස විනාශ නොකර බේරා ගැනීමට හැකි විය.

මේ අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට දඹුල්ල දක්වා වූ කොටස ඉදිකිරීමේදී හමුවූ දුර්ලභ කෲඩියා සිලනිකා ශාකය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම මාර්ග සංවර්ධන අධිකාරියට පවරා තිබේ.

මෙම වගකීම පැවරීම පිළිබඳව මධ්‍යම පරිසර අධිකාරිය අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබිණ.

මේ නිවේදනයට අනුව අධිවේගී මාර්ගයේ දාහතර වැනි කිලෝමීටරය ආසන්නයේ හමුවූ කෲඩියා සිලනිකා ශාකයේ තවත් කුඩා පැළෑටියක් ද මේ මාර්ග පථයේ මායිමේ තිබෙන බව ක්ෂේත්‍ර නිරීක්ෂණයේ දී හෙළි වූ බව එහි සඳහන් ය.

හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේ ද මේ විශේෂයට අයත් පරිණත ශාකයක් පවතින බව මධ්යම පරිසර අධිකාරිය ,ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව,වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව,සහ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කළ ක්ෂේත්‍ර පරීක්ෂණයේ දී හෙළි වූ බව නිවේදනයේ දැක්වේ.

වඳ වීමේ තර්ජනයට ලක්ව ඇති කෲඩියා සිලනිකා ශාක්‍ය ගලවා වෙනත් සුදුසු ස්ථානයක ප්‍රතිස්ථාපනය කිරිමට මුලින් තීන්දු වී තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here