ගජමුතු අලෙවියට ගිය අයෙකුට සිදු වූ දෙයක්

Share

රුපියල් ලක්ෂ 8ක මුදලකට ගජමුතු දෙකක් අලෙවි කිරීම සඳහා රැගෙන ආ පුද්ගලයකු මුලතිව් නගරයේදී අත්අඩංගුවට ගත් බව මුලතිව් පොලිසිය පවසයි.

 

මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අන්තර්ජාලය ඔස්සේ සිදුකෙරන ජාවාරමක් සම්බන්ධයෙන් සිදුකළ විශේෂ විමර්ශනයකට අනුව, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරියකු උපාය දූතයකු ලෙස යොදාගනිමින් සැකකරුගෙන් ගජමුතු මිලදීගැනීමට යන මුවාවෙන් මෙම ගජමුතු ජාවාරම වටලා තිබේ.

එහිදී ගජමුතු විකිණීම සඳහා සැකකරු පැමිණි මෝටර් රථයද පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු මහියංගනය ප්‍රදේශයේ සිට මුලතිව් ප්‍රදේශයට පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වි තිබේ.

අත්අඩංගුවටගත් සැකකරු මහියංගණය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු වන අතර සැකකරු හා ගජමුතු පිළිබඳ වැඩිදුර විමර්ශන සඳහා මුලතිව් පොලිස් ස්ථානය වෙත භාර දීමට මුලතිව් පොලිස් විශේෂ කාර් ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් පියවර ගෙන තිබෙන බව වාර්තාවෙයි.

Read more

Local News