ඊයේ (22) දිනයේදී මහනුවර රෝහලේ වෛද්‍යවරියක් විසින් පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
ඒ තමාගේ නමින් වෛද්‍ය ලියාපදිංචි සහතිකයක් සකස්කරගෙන වෙනත් තැනැත්තියක විසින් ව්‍යාජ වෛද්‍යවරියක ලෙස පෙනී සිටිමින් බෙහෙත් ශාලාවක් පවත්වාගෙන යන බවටයි.
ඒ් අනුව වහාම ක්‍රියාත්මක වූ මහනුවර පොලිසිය අදාල කාන්තාව අත්අඩංගුවටගෙන තිබෙන අතර සැකකාරියගේ වයස වයස අවුරුදු 47කි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ අත්අඩංගුවට ගත් කාන්තාව පිළිබඳව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බවයි.