දෙරට අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගත යුතුයි : අගමැති මහින්ද (ඡායාරූප)

Share

දිවයිනට පැමිණි පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී ද්වීපාර්ශවික සාකච්ඡා ආරම්භ කළේය.

 

මෙහිදි පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික හා ආගමික වශයෙන් බැඳුණු ඉතා ගැඹුරු ද්විපාර්ශ්වික සහයෝගීතාවය සර්ව කාලීන මිත්‍රත්වයකට මග පාදා ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

පාකිස්තාන අගමැතිවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ජාවලට මුලපුරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා වැඩ්දුරටත් පැවසුවේ,

”ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යතුමනි, ඔබ හා ඔබගේ දූත පිරිස සුහඳ හා උණුසුම් ලෙස මම පිළිගනිමි.

අග්‍රාමාත්‍යතුමනි, පසුගිය වසරේ මහ මැතිවරණයෙන් පසු මම ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි පළමු විදේශ රාජ්‍ය නායකයා ඔබයි.

මගේ ආරාධනය පිළිගනිමින් කොවිඩ්-19 අවදානම ඇතුළු විශාල අභියෝග මධ්‍යයේ වුවද, ඔබ ඉතා මිත්‍රශීලීව ශ්‍රී ලංකාවට පැමිණියා.

ඔබගේ සංචාරය සංකේතවත් කරන්නේ ඔබ සහ ඔබේ රජය මගේ රටේ ජනතාව කෙරෙහි දක්වන දැඩි ආදරයයි.

අර්බුදකාරී අවස්ථාවන්හිදී ඔබ ගත් තීරණාත්මක තීරණවලින් පැහැදිලි වන ඔබගේ ධෛර්යය සහ ශ්‍රේෂ්ඨ නායකත්වය මම අගය කරමි.

මෙම සංචාරය පවා දශක දෙකකට පෙර ඔබ අභියෝග හමුවේ පාකිස්තානයේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය දුන් ආකාරයේ නායකත්ව ගුණාංග පිළිඹිඹු කරවයි.

අග්‍රාමාත්‍යතුමනි,

වසර ගණනාවක දේශපාලන ක්‍රියාකාරිත්වය තුළින් පොදු ජනතාව බලය ලබා දී ඔබව ඉහළට ඔසවා තැබූ ආකාරය මම නිරීක්ෂණය කළෙමි. පීඩිතයන් සහ අගහිඟකම් ඇති අය කෙරෙහි ඔබ තුළ ඇති සැබෑ ආදරය එමගින් පෙන්නුම් කරයි. 

බිම් මට්ටමේ සහ අඩු වරප්‍රසාද සහිත ජනතාව සවිබල ගැන්වීම උදෙසා වූ ඔබේ ජනතා කේන්ද්‍රීය පාලනය අපගේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා එකිනෙක බැඳී පවතියි.

අපගේ රටවල් දෙක අතර පවතින්නේ ඓතිහාසික සබඳතාවකි.  සංස්කෘතික හා ආගමික වශයෙන් බැඳුණු ඉතා ගැඹුරු ද්විපාර්ශ්වික සහයෝගීතාවය සර්ව කාලීන මිත්‍රත්වයකට මග පාදා ඇත.

අපගේ රටවල් දෙක අතර පවතින සබඳතාව මේ වනවිට බොහෝ ක්ෂේත්‍ර දක්වා ව්‍යාප්ත වී තිබේ. නමුත් අපගේ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අප විශාල පරිශ්‍රමයක් දැරිය යුතුය.

ආයෝජන සහ වාණිජ හවුල්කාරිත්වය සහිත ශක්තිමත් ව්‍යාපාරික දූත පිරිසක් සමඟ මෙහි පැමිණීම ගැන මම අග්‍රාමාත්‍යතුමාට ස්තූතිවන්ත වෙනවා. ආර්ථික අවිනිශ්චිතතාවයකදී පෞද්ගලික අංශයේ ආයෝජන අපගේ ආර්ථිකයන්ට බොහෝ ප්‍රයෝජනවත් වනු ඇත.

2017 දී මෙන්ම ඊට පෙර ජනාධිපතිවරයා ලෙස පාකිස්තානයේ මා කළ නිල සංචාරය මේ අවස්ථාවේදීත් සතුටින් සිහිපත් කරමි. එම සංචාර දෙකම ඉතා ඵලදායී හා අමතක නොවන සංචාරයන්ය. 

පාකිස්තානයේ මිත්‍රශීලී ජනතාව විසින් මට සහ මගේ දූත පිරිසට දුන් ආගන්තුක සත්කාරය සහ උණුසුම් පිළිගැනීම මගේ සිතට තදින්ම කාවැදුණා.

එළැඹෙන මැතිවරණය සාර්ථකත්වය වෙනුවෙන් ඔබටත් ඔබේ ආණ්ඩුවටත් මාගේ සුභාශිංසනය පිරිනමමි.” යනුවෙනි.

 

May be an image of 3 people, people standing and people sitting

May be an image of 2 people, people sitting and people standing

 

Read more

Local News