අද සිට පාසල් නිවාඩුව

Share

2021 වසරේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ පළමු අදියර ‍අදින් අවසන් වන බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි.

 

ඒ අනුව 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන මස 01 වැනි දා සිට ලබන මස 10 වැනි දා දක්වා දීප ව්‍යාප්ත මට්ටමින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේය.

2021 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර මාර්තු මස 15 වන සඳුදා ආරම්භ කිරීමට නියමිතයි.

මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රවේශපත්‍ර නොලැබුණු පෞද්ගලික හා පාසල් අයැදුම්කරුවන්ට WWW.DOENTS.LK වෙබ් අඩවියට පිවිසීමෙන් එම ප්‍රවේශපත්‍ර බාගත කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ජාතික හැඳුනුම්පත් අංකය හෝ විභාග අංකය ඇතුළත් කිරීමෙන් අදාළ ප්‍රවේශපත්‍රයේ පිටපතක් ලබා ගත හැකි බවයි.

එසේම ප්‍රවේශපත්‍රයේ නම, විෂය හා මාධ්‍ය යන අංශයන්හි සංශෝධනයන් සිදු කිරීමට ද මාර්ගගත ක්‍රමය ඔස්සේ අවස්ථාව ලබා දී තිබේ.

කෙසේවෙතත් විභාග අයැදුම්කරුවෙකුට සංශෝධනයක් සිදු කිරීම සඳහා අවස්ථාව හිමි වන්නේ එක් වරක් පමණි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග මාර්තු මස පළමු වැනිදා සිට 10 වැනි දා දක්වා පැවැත්වේ.

Read more

Local News