හෙට සිට අවදානම් ග්‍රාම නිලධාරීන් වසම් වලටත් කොවිඩ් එන්නත්කරණය ඇරඹේ

Share

හෙට(26) දිනයේ සිට රටපුරා කොරෝනා අවදානම් සහිත ග්‍රාම නිලධාරීන් වසම් ආශ්‍රීත එන්නත්කරණය අරඹන බව කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කළාය.

 

 

ඒ මහත්මිය වැඩ්දුරටත් පැවසුවේ පසුගිය ජනවාරි 28 වැනි දා ඉන්දියාවේ ප්‍රදානයක් ලෙස ලැබුණු කොවිඩ් එන්නත මේ වනවිට පුද්ගලයින් 360,000 දෙනෙකුට ලබා දී අවසන් බවත් ඉන්දියාවෙන් ඇණවුම් කළ කොරෝනා එන්නත් ලක්ෂ 5ක් අද(25) දිවයිනට ලැබීමට නියම්ත බවත්ය.

Read more

Local News