යතුරුපැදි හා රන්මාල සොරකම් කළ අයෙක් කී දේ

Share

ඊයේ (24) මීගොඩ ප්‍රදේශයේ සිදුව තිබූ යතුරුපැදි සොරකමක් සම්බන්ධයෙන් මහරගම පොලිසිය විසින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

අදාල සැකකරු බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංච් වයස අවුරුදු 44ක අයෙකි.

මෙම සැකකරු විසින් පසුගිය දා බොරලැස්ගමුව, පිළියන්දල, පමුණුගම, අතුරුගිරිය සහ මහරගම යන පොලිස් බලප්‍රදේශවල සිදුවූ රන් මාල කඩා ගැනීමේ සිද්ධි සම්බන්ධයෙන් කරුණු රැසක් පොලිසියට අනාවරණය කර තිබේ.

එම පැහැර ගත් රන් භාණ්ඩ මේ වනවිට සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය

Read more

Local News