මහින්දානන්ද නිදොස්කොට නිදහස්

Share

ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය යන කම්කරු යන වෘත්තිය සමිතියට අයත්, රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාවද්‍ය සාපරාධි පරිහරණය ඇතුළු අධිචෝදනා යටතේ පවරා තිබු නඩුවෙන්, අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිදොස් කොට නිදහස් කිරිමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.

 

අදාල නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදි මහතා හමුවේ අද කැඳවනු ලැබිය.

විත්තිකරුට ගොනු කර ඇති චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයේ ඔබ්බට ඔප්පු කොට නොමැති බවට නිගමය කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරු චෝදනා තුනෙන්ම නිදොස් කොට නිදහස් කිරිමට නියෝග කළේ ය.

Read more

Local News